අද හවස පුපුරන්නයි යන්නේ…ප්‍රවේශමෙන්…ඔබට අනතුරක් විය හැකියි.

Social Media Share

අවුරුදු මාසය පටන් ගැනීමත් එක්ක ආරම්භ වෙන්නේ දැඩි අකුණු සමග වර්ෂාමය කාලයක්.ඉතින් මේ කියන්න යන්නේ ඒ සම්බන්ධව ඇසෙන පුවතක් ගැන.   

බස්නාහිර, මධ්‍යම, සබරගමුව,ඌව සහ වයඹ පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අකුණු මඟින් ආරක්ෂා වීම සදහා එළිමහනේ හෝ ගස් යට රැදී නොසිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

එමෙන්ම කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවලරැදී සිටීමෙන් වැළකිය යුතු වනවා.

රැහැන් සහිත දුරකතන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වළකින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා.  

Source: Hiru gossip

About The Author


Social Media Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *