කැනඩාවේදී ඝාතනයට ලක්වූ ලාංකිකයින්ගේ අවසන් කටයුතු සිදු වෙන්නේ මෙහෙමයි…

කැනඩාවේදී ඝාතනයට ලක්වූ ලාංකිකයින්ගේ අවසන් කටයුතු සිදු වෙන්නේ මෙහෙමයි...
Social Media Share

කැනඩාවේ ඔටාවාහිදි පසුගියදා ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 6 දෙනාගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු එරටේදීම සිදුකිරීමට තීරණය කර තිබෙන බව කැනඩාවේ බෞද්ධ කොංග්‍රසයේ සභාපති හා ඔටාවාහි හිල්ඩා ජයවර්ධනාරාමයේ විහාරාධිකාරී පූජ්‍ය නුගේගලයායේ ජිනානන්ද හිමි පවසනවා.

ඒ සඳහා මියගිය පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන්ද එකඟතාව පලකර ඇතැයි උන්වහන්සේ සඳහන් කළ අතර, කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ හා විහාරස්ථ දායක සභාවේ සහාය මත ඔවුන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම මෙම ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බැවින් මියගිය පුද්ගලයින්ගේ සිරුරු කැනඩා පොලිසිය විසින් භාරකරුවන් වෙත මෙතෙක් නිකුත් කර නැති බවයි උන්වහන්සේ සඳහන් කළේ.

කැනඩාවේ ඔටාවාහී බාර්හේවන් ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළදි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු පසුගිය 07 වැනිදා තියුණු ආයුධයකින් පහරදී ඝාතනයට ලක් කෙරුණා.

එහිදී අදාළ ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට එම නිවසේම පදිංචිව සිටි 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති ශ්‍රි ලාංකික ශිෂ්‍යයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට එරට අධිකරණය විසින් නියෝගකරනු ලැබුවා.

Source: Hiru gossip

About The Author


Social Media Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *